ඔන්න හා හා පුරා කියල වැඩේ පටන් ගත්ත.අපගේ පසුගිය පාඩම් බලන්න මෙතනින් පිවිසෙන්න.
මෙම ඒකකය යටතේ ජීවීන්ගෙ ජීවී තත්වයෙ පවතින කුඩාම ඒකකය වන සෛලයේ වයුහය,ක්‍රියාකාරීත්වය,විවිධත්වය,සමායෝජනය පිළිබද පරිපුර්ණ අනුක මට්ටමේ සිට අධයනය කෙරේ.මෙම දනුම මත ඉතිරි ඒකක සියල්ල පෙල ගැසෙන නිසා ජීව විදයාවේ විශය දැනුම පදනම් වන පළමු ඒකකය ලෙස හැදින්විය හැක. (වචන වල පොඩි පොඩි වැරදි අති.ගනන් ගන්න එපා...........)
සෛලවල මුලද්‍රවය සහ පදාර්ථයේ සංයුතිය අධයනය කිරීම.
සජීවී පදාර්ථයේ මුලද්‍රවය සංයුතිය
සජීවී පදාර්ථ මෙන්ම අජීවී පදාර්ථ ද ගොඩනැගී ඇති මුලික ඒකක මුල ද්‍රවය
මුලද්‍රවය වර්ග
- මුල ද්‍රවය-----1 ආවශයක-------------------අධිමාත්‍ර
-------------------අංශු මාත්‍ර
2 ආවශයක නොවන
ආවශ්‍යක මුලද්‍රව්‍ය
ජීවීන්ගේ සජීව පදාර්ථ ගොඩ නැගීමට අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍ය.මේවා ජීවින්ගේ වර්ධනය සහජීවනය චක්‍රය සම්පූර්ණ කර ගැනීමට දායක වීම.ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍ය 92 ක් පමණ අතුරින් මූලද්‍රව්‍ය 20 ක් පමණ ජීවි දේහවල අඩංගු වේ.
1 අධිමාත්‍ර මූලද්‍රව්‍ය
ආවශ්‍යක මූල ද්‍රව්‍ය වලින් වියලි බරෙන් වැඩිම ප්‍රතිශතයක් 0.01% කට වැඩි මූල ද්‍රව්‍ය.
- ශාක--අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9 C,H,O,N,P,S,K,Ca,Mg
- සතුන්--අධිමාත්‍ර මූලද්‍රව්‍ය 13 C,H,O,N,P,S,K,Ca,Mg,Fe.Na,Cl
2 අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය
ආවශ්‍යක මූල ද්‍රව්‍ය වලින් වියලි බරෙන් අඩුම ප්‍රතිශතයක් 0.01% කට අඩුම මූල ද්‍රව්‍ය
අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය-----B,Mn,Zn,Cu,Mo,Al,Si,V+ශාකNa,Fe,Cl
සජීවී පදාර්ථයේ බහුලම මූල ද්‍රව්‍ය
C,H,O,N - 95%
C,H,O,N,S,P - 98%
- සජීවී පදාර්ථයේ බහුලව ඇති මූල ද්‍රව්‍ය 4 -C,H,O,N
- ජීවය පදනම් වීම සදහා දායක වන මූල ද්‍රව්‍ය -C
- බර අනුව වැඩිම ප්‍රතිශතයක් අන්තර්ගත වන මූල ද්‍රව්‍ය -O
- සියළුම කාබණික සජීව පදාර්ථ වල අන්තර්ගත මූල ද්‍රව්‍ය -C,H,O
කාබන් ජීවයේ පදනම වන මූල ද්‍රව්‍ය වීමට හේතු ලක්ශන
- සාපේක්ශව කුඩා පරමානුවක් වීම
- ශක්තිමත් සහ සංයුජ බන්ධන 4 සෑදීමට හෑකි වීම
- H,O,Nවැනි මූල ද්‍රව්‍ය සමග නොයෙකුත් සංයෝග ඇතිවීමට හැකි වීම
- බහු අවයවික ගොඩනැගීමට දායක වීම.
ශාක මූලද්‍රව්‍ය ලබාගන්නා ආකාර හා ඒවායේ වැදගත්කම
සජීව පදාර්ථ වල සංඝටක

ජලය
සියළුම ජීවීන්ගේ වැඩිම ප්‍රතිශතයක් අන්තර්ගත ජීවය පවත්වාගැනීමට අත්‍යාවශ්‍ය ප්‍රධාන අකාබනික සංඝටක.ජීවී දේහයේ 50% කට වැඩි ප්‍රමානයක් අන්තර්ගත වීම.
ජීවීන්ගේ පැවැත්ම සදහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ
- වැඩි උෂ්ණත්ව පරාසයක ද්‍රව අවස්ථාවේ පැවතීම
- විශිෂ්ට තාප ධාරිතාව වැඩි වීම
- වාෂ්පීකරණයේ ගුප්ත තාපය වැඩි වීම
- විලයනයේ ගුප්ත තාපය වැඩි වීම
- හිමායනයේ දී ප්‍රසාරණය වීම.
- හොද ද්‍රාවකයක් වීම
- අවර්ණ වීම හා පාරදෘශය වීම
- සංශක්ති / ආශක්ති බල ප්‍රබල වීම
- පෘෂ්ඨික අතතිය වැඩි වීම
- කේශාකර්ෂණය වැඩි වීම
- අඩු දුස්ස්‍රාවීතාවයක් තිබීම
- Hබන්ධන තිබීම හා ධ්‍රැවීය වීම
- කුඩා අණුක භාරයක් තිබුනත් ද්‍රව තත්වයේ පැවතීම
- මෙම ගුණ සදහා ජලයේ ඇති Hබන්ධන දායක වීම.
ජීවීන් තුල ජලය ඉටු කරන ප්‍රධාන කෘත්‍ය
- ප්‍රාක් ප්ලාස්මය සජල තත්වයේ පවත්වා ගැනීම.
- සෛලවල ශුනතාවය පවත්වා ගැනීම.
- එන්සයිම සක්‍රීය කිරීම
- පරිවෘත්තීය ක්‍රිය සිදුවන මාධ්‍ය ලෙස
- සමහර පරිවෘත්තීය ක්‍රිය වල අමුද්‍රව්‍ය ලෙස
- ස්වාරක්ෂකයන් ලෙස ක්‍රිය කිරීම
- සෛල අතර අන්තර් සම්බන්ධතාවයන් පවත්වා ගැනීම
- සෛල අතර ද්‍රව්‍ය හුව මාරුව
- සිසිල් වීමට
- සන්ධාරණයට.
- ද්‍රව්‍ය පරිවහනයට
Next post එකෙන් කාබනික සංඝටක පිලිබදව කතා කරමු.
bio කරන ඔයගොල්ලන්ගෙ යාලුවන්ටත් බලන්න Share කරන්න.
සැමට ජය !!

Niyamai issarahata post balaporoththuwen inne..
ReplyDeleteNiyamai issarahata post balaporoththuwen inne..
ReplyDeleteAthatama patta aa
ReplyDelete